Qaf

سورة ق

සූරා 50 · මක්කා · 45 පද

50:1ජුස් 26 · පි. 518

ق ۚ وَالْقُرْآنِ الْمَجِيدِ1

කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.
50:2ජුස් 26 · පි. 518

بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ2

නමුත් අවවාද කරන්නෙකු ඔවුන් අතුරින්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පැවසූහ.
50:3ජුස් 26 · පි. 518

أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ3

“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය අන්ත හැරී ඒමකි.
50:4ජුස් 26 · පි. 518

قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ ۖ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ4

මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින්ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.
50:5ජුස් 26 · පි. 518

بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ5

නමුත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූහ.
50:6ජුස් 26 · පි. 518

أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ6

ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
50:7ජුස් 26 · පි. 518

وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ7

තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු ස්ථීරව හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක්ම යුගල වශයෙන් හට ගැන්වූයෙමු.
50:8ජුස් 26 · පි. 518

تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُنِيبٍ8

(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුටම පෙන්වා දීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
50:9ජුස් 26 · පි. 518

وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ9

තවද අපි අහසින් ආශීර්වාද ලත් ජලය පහළ කළෙමු. එමගින් අපි වතු යායන් හා අස්වැනු නෙළනු ලබන බීජ ද හට ගැන්වූයෙමු.
50:10ජුස් 26 · පි. 518

وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ10

තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)
50:11ජුස් 26 · පි. 518

رِزْقًا لِلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ11

(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමගින් මියගිය භූමියක් ජීවමාන කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙසය.
50:12ජුස් 26 · පි. 518

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ12

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද රස් වාසීහු ද සමූද් ජනයා ද
50:13ජුස් 26 · පි. 518

وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ13

ආද් ජනයා ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයෝ ද
50:14ජුස් 26 · පි. 518

وَأَصْحَابُ الْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ14

අයිකා වාසීහු ද තුබ්බඃ ජනයා ද බොරු කළෝය. මේ සියල්ලෝම දහම් දූතයින් බොරු කළෝය. එහෙයින් මාගේ අවවාදය ඉෂ්ට විය.
50:15ජුස් 26 · පි. 518

أَفَعَيِينَا بِالْخَلْقِ الْأَوَّلِ ۚ بَلْ هُمْ فِي لَبْسٍ مِنْ خَلْقٍ جَدِيدٍ15

මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.
50:16ජුස් 26 · පි. 519

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ16

සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීපය.
50:17ජුස් 26 · පි. 519

إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ17

එවිට දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින (රකීබ් අතීද් යන) වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගනිති.
50:18ජුස් 26 · පි. 519

مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ18

ඔහු ඉදිරියේ අසලින් සිට (සියල්ල) නිරීක්ෂා කරන අයගෙන් තොර ව කිසිදු වදනක් ඔහු උච්චාරණය නොකරයි.
50:19ජුස් 26 · පි. 519

وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدُ19

මරණයේ වේදනාව සැබෑ ලෙසින් පැමිණ ඇත. “නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.
50:20ජුස් 26 · පි. 519

وَنُفِخَ فِي الصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ الْوَعِيدِ20

තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.
50:21ජුස් 26 · පි. 519

وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ21

තවද සෑම ආත්මයක්ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමග පැමිණ ඇත.
50:22ජුස් 26 · පි. 519

لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ22

“සැබැවින්ම නුඹ මේ ගැන නොසැලකිලිමත් කමෙහි සිටියෙහිය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම (සැලකිලිමත් කමින්) තියුණුය.”
50:23ජුස් 26 · පි. 519

وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ23

“මෙය මා සතු ව සටහන් කරනු ලැබූවක්” යැයි ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.
50:24ජුස් 26 · පි. 519

أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ24

“හිතුවක්කාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන,
50:25ජුස් 26 · පි. 519

مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ25

යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසුවන
50:26ජුස් 26 · පි. 519

الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ26

අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කර ගත් සෑම කෙනෙකුවම නිරය තුළට නුඹලා දෙදෙනා හෙළනු. එවිට දැඩි දඬුවමට ඔවුන් දෙදෙනා හෙළනු.” (යැයි අල්ලාහ් අණ කරයි.)
50:27ජුස් 26 · පි. 519

۞ قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ27

“අපගේ පරමාධිපතියාණනි, මා ඔහුව නොමග යැව්වේ නැත. නමුත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.
50:28ජුස් 26 · පි. 519

قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ28

“මා ඉදිරියේ නුඹලා තර්ක නොකරනු. සැබැවින්ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි.
50:29ජුස් 26 · පි. 519

مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ29

මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.”
50:30ජුස් 26 · පි. 519

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلَأْتِ وَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ30

“නුඹ පිරුණෙහිදැ?”යි අපි නිරයට පවසන දින “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ”යි එය විමසයි.
50:31ජුස් 26 · පි. 519

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ31

තවද දුරස්ථභාවයකින් තොර ව බිය බැතිමතුන් හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.
50:32ජුස් 26 · පි. 519

هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ32

නැවතත් නැඹුරු වූ සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ මෙයයි.
50:33ජුස් 26 · පි. 519

مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ33

ඔවුහු අදෘශ්‍යමානයේ දී මහා කරුණාන්විතයාණන්ට බිය වී නැඹුරු හදවතකින් පැමිණ ප්‍රවේශමින් කටයුතු කරමින් සිටී ය.
50:34ජුස් 26 · පි. 519

ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ34

නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි.
50:35ජුස් 26 · පි. 519

لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ35

ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.
50:36ජුස් 26 · පි. 520

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ36

මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූහ. එවිට ඔවුහු (ඉන් පළා යන්නට) දේශයන්හි සැරිසරන්නට වූහ. (ඔවුනට) කිසිදු පිළිසරණක් වී ද?
50:37ජුස් 26 · පි. 520

إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ37

කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් ඔහු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන්ම එහි මෙනෙහි කිරීමක් ඇත. ඔහු සාක්ෂිකරුවෙකි.
50:38ජුස් 26 · පි. 520

وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ38

තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය.
50:39ජුස් 26 · පි. 520

فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ39

එහෙයින් ඔවුන් පවසන දෑ මත නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කරනු.
50:40ජුස් 26 · පි. 520

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ40

තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසු ව ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.
50:41ජුස් 26 · පි. 520

وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِنْ مَكَانٍ قَرِيبٍ41

තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.
50:42ජුස් 26 · පි. 520

يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ42

සැබෑ ලෙසින්ම මහා හඬට ඔවුන් සවන් දෙන දිනයයි. එය බැහැර වීමේ දිනයයි.
50:43ජුස් 26 · පි. 520

إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ43

නියත වශයෙන්ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.
50:44ජුස් 26 · පි. 520

يَوْمَ تَشَقَّقُ الْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ44

මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යන දිනයයි. එයයි එක්රැස් කිරීම. එය අප වෙත පහසුය.
50:45ජුස් 26 · පි. 520

نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ45

ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් අපි දැන සිටිමු. නුඹ ඔවුන් වෙත (බලහත්කාරයෙන්) බලකරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය මෙනෙහි කරනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න