සූරා 50 · ජුස් 26
Qaf · 50:6
أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ
ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
තෆ්සීර්
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නන්, ඔවුනට ඉහළින් ඇති අහස අප කෙසේ මවා ඇත්තේ දැයි ද, එය නිර්මාණය කර ඇත්තේ දැයි ද, එහි තාරාකා තබා අලංකාරය කර ඇත්තේ දැයි ද ඒ දෙස කල්පනා කර නොබැලුවෙහි ද? එය පලුදු කරන පැලීම් නැත. මෙම අහස මැවූ ඔහුට මියගියවුන් යළි අවදි කිරීමට නොහැකි නොවන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න