සූරා 50 · ජුස් 26
Qaf · 50:45
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ
ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් අපි දැන සිටිමු. නුඹ ඔවුන් වෙත (බලහත්කාරයෙන්) බලකරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය මෙනෙහි කරනු.
තෆ්සීර්
මෙම බොරුකාරයින් පවසනුයේ කුමක් දැ?යි අපි මැනවින් දන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුන් මත ආධිපත්යය දරා, දේව විශ්වාසය වෙත බලහත්කාරකම් කරන්නෙකු නොවේ. සැබැවින්ම නුඹ වනාහි අල්ලාහ් කවර කරුණක් ප්රචාරය කරන්නැයි නුඹට නියෝග කර ඇත්තේ ද එය ප්රචාරය කරන්නෙකු පමණය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පිටුපාන්නන්හට මා කළ අවවාදය නුඹ බියවන්නන් හට අල් කුර්ආනය තුළින් මෙනෙහි කරනු. ඊට හේතුව එසේ මෙනෙහි කරනු ලැබූ විට උපදෙස් ලබා ප්රයෝජනය ලබනුයේ එවැන් බියවන්නන් පමණක් වන බැවිණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න