සූරා 50 · ජුස් 26
Qaf · 50:22
لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
“සැබැවින්ම නුඹ මේ ගැන නොසැලකිලිමත් කමෙහි සිටියෙහිය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම (සැලකිලිමත් කමින්) තියුණුය.”
තෆ්සීර්
කැටුවාගෙන යනු ලබන මෙම මිනිසාට, ‘නුඹගේ ආශාවන් හා නුඹගේ වින්දනයන් නුඹව රවටා දමා ඇති හේතුව නිසාවෙන් මේ දිනය පිළිබඳව නුඹ නොසැලකිල්ලෙන් මෙලොවෙහි පසුවූයෙහිය. දඬුවම හා විනාශය නුඹ දෑසින් දකින්නට සලස්වා නුඹේ නොසැලකිලිමත්කම අපි නිරාවරණය කළෙමු. අද දින නුඹගේ බැල්ම ඉතා තියුණුය. නුඹ කවර කරුණක් පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවූයෙහි ද ඒ ගැන නුඹ දැනගනු ඇත.’ යැයි කියනු ලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න