සූරා 50 · ජුස් 26
Qaf · 50:2
بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ
නමුත් අවවාද කරන්නෙකු ඔවුන් අතුරින්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේව ප්රතික්ෂේපකයෝ පැවසූහ.
තෆ්සීර්
නුඹව බොරු කිරීමට ඔවුන් බලාපොරොත්තු වූ ඔවුන්ගේ ප්රතික්ෂේපයට හේතුව නුඹ අවංක බව ඔවුන් දැන සිටීම නොවීය. ඔවුන් වෙත පැමිණි අවවාද කරන දූතයා මලාඉකා වර්ගයෙන් නොව, ඔවුන්ගේම වර්ගයා අතරින් වීම ඔවුන් පුදුමය දන්වන්නක් විය. ඔවුන් පුදුමයට පත්ව, ‘අප වෙත මිනිස්වර්ගයාගෙන් වූ දූතයකු පැමිණ තිබීම පුදුමසහගත කරුණකි’ යැයි ඔවුහු පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න