සූරා 50 · ජුස් 26

Qaf · 50:36

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ

මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූහ. එවිට ඔවුහු (ඉන් පළා යන්නට) දේශයන්හි සැරිසරන්නට වූහ. (ඔවුනට) කිසිදු පිළිසරණක් වී ද?

තෆ්සීර්

මක්කාවාසීන් අතර සිටි, දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයිනට පෙර, කොපමණ අධික සංඛ්යාවක සමූහයා අපි විනාශ කළෙමු ද? ඔවුන් මොවුනට වඩා බලවත් අය වූවෝය. දඬුවමෙන් පළා යා හැකි තැනක් ඔවුනට සොයා ගත හැකි වේවි යන අපේක්ෂාවෙන් විවිධ දේශවල ඔවුන් සැරිසරන්නට වූහ. නමුත් ඔවුහු එවන් ස්ථානයක් නො ලැබුවෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න