Fussilat

سورة فصلت

සූරා 41 · මක්කා · 54 පද

41:1ජුස් 24 · පි. 477

حم1

හා මීම්
41:2ජුස් 24 · පි. 477

تَنْزِيلٌ مِنَ الرَّحْمَٰنِ الرَّحِيمِ2

(මෙය) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගෙන් වූ පහළ කිරීමකි.
41:3ජුස් 24 · පි. 477

كِتَابٌ فُصِّلَتْ آيَاتُهُ قُرْآنًا عَرَبِيًّا لِقَوْمٍ يَعْلَمُونَ3

දැනමුතුකම් ලබන ජනයාට එහි වදන් විස්තර කරනු ලැබූ අරාබි කියවීමකින් යුතු ග්‍රන්ථයකි.
41:4ජුස් 24 · පි. 477

بَشِيرًا وَنَذِيرًا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ4

(එය) ශුභාරාංචි දැනුම් දීමක් හා අවවාද කරන්නක් වශයෙනි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පිටුපෑහ. එහෙයින් ඔවුහු සවන් නොදෙති.
41:5ජුස් 24 · පි. 477

وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ5

ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් වහන්තරාවකය. තවද අපගේ කන් තුළ බිහිරිය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන්ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු.
41:6ජුස් 24 · පි. 477

قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَاسْتَقِيمُوا إِلَيْهِ وَاسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌ لِلْمُشْرِكِينَ6

නියත වශයෙන්ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳා යැයි මට පණිවිඩ දෙන ලදී. එහෙයින් නුඹලා ඔහු වෙත ස්ථාවර ව සිටිනු. තවද නුඹලා ඔහුගෙන් සමාව අයැදිනු. ආදේශ කරන්නන්හට දැඩි දඬුවමක් ඇත.
41:7ජුස් 24 · පි. 477

الَّذِينَ لَا يُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ7

ඔවුහු වනාහි zසකාත් පිරිනොනමති. තවද මතු ලොව පිළිබඳ ව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
41:8ජුස් 24 · පි. 477

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ8

නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට අවසන් නොවන (නිත්‍ය) ප්‍රතිඵලයක් ඇත.
41:9ජුස් 24 · පි. 477

۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ9

දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහු ව නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු ද? තවද නුඹලා ඔහුට සමානයන් තබන්නෙහුය. ලෝකයන්හි පරමාධිපති ඔහුය. යැයි (නබිවරය) පවසනු.
41:10ජුස් 24 · පි. 477

وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ10

තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේය. ඉල්ලන්නන්හට එක සමාන ලෙසින් දින හතරක් තුළ එහි සමෘද්ධිය ඇති කළේය. එහි පෝෂණය ඒ තුළ නිර්ණය කළේය.
41:11ජුස් 24 · පි. 477

ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ11

පසු ව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබීය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසීය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසීය.
41:12ජුස් 24 · පි. 478

فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ12

පසු ව දින දෙකක් තුළ අහස් හතක් ලෙස ඒවාට ඔහු තීන්දු කළේය. තවද සෑම අහසකටම එහි න්‍යායය දන්වා සිටියේය. තවද පහළ අහස අපි පහන් මගින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ සැකසුමයි.
41:13ජුස් 24 · පි. 478

فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ13

එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි ඔබ පවසනු.
41:14ජුස් 24 · පි. 478

إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ14

“නුඹලා අල්ලාහ්ට හැර (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද දහම් දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙයින් නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
41:15ජුස් 24 · පි. 478

فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ15

ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොර ව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑහ.“අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන්දැයි” ඔවුහු පැවසූහ. නියත වශයෙන්ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නොදුටුවෝද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියහ.
41:16ජුස් 24 · පි. 478

فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ16

එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළී සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීයය. තවද ඔවුහු උදව් කරනු නොලබති.
41:17ජුස් 24 · පි. 478

وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ فَاسْتَحَبُّوا الْعَمَىٰ عَلَى الْهُدَىٰ فَأَخَذَتْهُمْ صَاعِقَةُ الْعَذَابِ الْهُونِ بِمَا كَانُوا يَكْسِبُونَ17

තවද සමූද් ජනයා වූ කලී අපි ඔවුනට යහමග පෙන්වූයෙමු. නමුත් ඔවුහු යහමගට ඉහළින් අන්ධබව ප්‍රිය කළෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දෑ හේතුකොට නින්දිත දඬුවමේ මහා හඬ ඔවුන් හසුකර ගත්තේය.
41:18ජුස් 24 · පි. 478

وَنَجَّيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ18

තවද දෙවියන් විශ්වාස කොට (පාපකම් සිදුකිරීමෙන්) වැළකී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.
41:19ජුස් 24 · පි. 478

وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ19

අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක්රැස් කරනු ලබන දින එවිට ඔවුහු පෙළ ගසා රැගෙන යනු ලබති.
41:20ජුස් 24 · පි. 478

حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ20

ඔවුන් ඒ (ගින්න) වෙත පැමිණෙන අවස්ථාව වන විට ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත.
41:21ජුස් 24 · පි. 479

وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ21

“අපට එරෙහි ව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි?” දැයි ඔවුහු ඔවුන්ගේ හම් වලින් විමසති. “සියලු දෑ කතා කෙරෙව්වා වූ අල්ලාහ් අපවද කතා කෙරෙව්වේය. තවද නුඹලා මුල්වරට මැව්වේ ඔහුය. තවද ඔහු වෙතමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ” යැයි ඒවා පවසා සිටිනු ඇත.
41:22ජුස් 24 · පි. 479

وَمَا كُنْتُمْ تَسْتَتِرُونَ أَنْ يَشْهَدَ عَلَيْكُمْ سَمْعُكُمْ وَلَا أَبْصَارُكُمْ وَلَا جُلُودُكُمْ وَلَٰكِنْ ظَنَنْتُمْ أَنَّ اللَّهَ لَا يَعْلَمُ كَثِيرًا مِمَّا تَعْمَلُونَ22

නුඹලාගේ සවන් හෝ නුඹලාගේ දෘෂ්ටීන් හෝ නුඹලාගේ හම් හෝ නුඹලාට එරෙහි ව සාක්ෂි දැරීමෙන් නුඹලා සැඟ වී සිටින්නන් නොවීය. එනමුත් නියත වශයෙන්ම නුඹලා සිදුකරන දැයින් බොහෝ දෑ අල්ලාහ් නොදන්නේ යැයි නුඹලා සිතුවෙහුය.
41:23ජුස් 24 · පි. 479

وَذَٰلِكُمْ ظَنُّكُمُ الَّذِي ظَنَنْتُمْ بِرَبِّكُمْ أَرْدَاكُمْ فَأَصْبَحْتُمْ مِنَ الْخَاسِرِينَ23

තවද ඒවා නුඹලා නුඹලාගේ පරමාධිපති පිළිබඳ සිතූ නුඹලාගේ සිතුවිල්ලය. එය නුඹලා විනාශ කර දැමුවෙහුය. එහෙයින් නුඹලා පරාජිතයින් අතුරින් වූයෙහුය.
41:24ජුස් 24 · පි. 479

فَإِنْ يَصْبِرُوا فَالنَّارُ مَثْوًى لَهُمْ ۖ وَإِنْ يَسْتَعْتِبُوا فَمَا هُمْ مِنَ الْمُعْتَبِينَ24

එහෙයින් ඔවුහු ඉවසිලිවන්ත වුව ද නිරා ගින්න ඔවුනට සතු නිවහන වී ඇත. තවද ඔවුහු නැවත පිහිට පැතුව ද (එසේ) පිහිට දෙනු ලබන්නන් අතුරින් ඔවුහු නැත.
41:25ජුස් 24 · පි. 479

۞ وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ ۖ إِنَّهُمْ كَانُوا خَاسِرِينَ25

තවද අපි ඔවුනට සහචරයින් පත් කළෙමු. එවිට ඔවුහු ඔවුන්ගේ අත් ඉදිරියේ ඇති දෑ ද ඔවුන්ගේ පසුපසින් ඇති දෑ ද ඔවුනට අලංකාර කර පෙන්වූහ. තවද ඔවුනට පෙර සිටි ජින්නුන් හා මිනිසුන් අතුරින් ඉකුත් ව ගිය සමූහයන් තුළ තිබූ (දඬුවමේ) ප්‍රකාශය ඔවුන් වෙත නියම විය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූහ.
41:26ජුස් 24 · පි. 479

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَسْمَعُوا لِهَٰذَا الْقُرْآنِ وَالْغَوْا فِيهِ لَعَلَّكُمْ تَغْلِبُونَ26

“මෙම කුර්ආනයට සවන් නොදෙනු. ඒ තුළ නිෂ්ඵල කරනු. නුඹලා අබිබවා යා හැකි” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසීය.
41:27ජුස් 24 · පි. 479

فَلَنُذِيقَنَّ الَّذِينَ كَفَرُوا عَذَابًا شَدِيدًا وَلَنَجْزِيَنَّهُمْ أَسْوَأَ الَّذِي كَانُوا يَعْمَلُونَ27

එහෙයින් සැබැවින්ම අපි ප්‍රතික්ෂේප කළවුනට දැඩි දඬුවමක් විඳින්නට සලස්වමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑහි නපුරට අපි ඔවුනට ප්‍රතිවිපාක පිරිනමන්නෙමු.
41:28ජුස් 24 · පි. 479

ذَٰلِكَ جَزَاءُ أَعْدَاءِ اللَّهِ النَّارُ ۖ لَهُمْ فِيهَا دَارُ الْخُلْدِ ۖ جَزَاءً بِمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ28

එය අල්ලාහ්ගේ සතුරන්ගේ ප්‍රතිවිපාකය වූ (නිරා) ගින්නය. ඔවුන් අපගේ වදන් හෙළා දකිමින් සිටි බැවින් ප්‍රතිවිපාක වශයෙන් එහි ඔවුනට සදා නිවහන ඇත.
41:29ජුස් 24 · පි. 479

وَقَالَ الَّذِينَ كَفَرُوا رَبَّنَا أَرِنَا اللَّذَيْنِ أَضَلَّانَا مِنَ الْجِنِّ وَالْإِنْسِ نَجْعَلْهُمَا تَحْتَ أَقْدَامِنَا لِيَكُونَا مِنَ الْأَسْفَلِينَ29

“අපගේ පරමාධිපතියාණනි! ජින්නුන් හා මිනිසුන්ගෙන් අප ව නොමග යැවූ දෙවර්ගය අපහට පෙන්වනු මැනව! ඔවුන් දෙවර්ගය පහත් වූවන් අතරට පත්වනු පිණිස අපි අපගේ පාද යටට අපි පත් කරන්නෙමු” යැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
41:30ජුස් 24 · පි. 480

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ30

“නියත වශයෙන්ම අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පවසා පසු ව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුන් වෙත නුඹලා බිය නොවනු. තවද දුක් නොවනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත.
41:31ජුස් 24 · පි. 480

نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ31

මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි නුඹලාගේ මිතුරන් අපි වෙමු. නුඹලාගේ සිත් ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා පතන දෑ ද එහි නුඹලාට ඇත.
41:32ජුස් 24 · පි. 480

نُزُلًا مِنْ غَفُورٍ رَحِيمٍ32

එය අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.
41:33ජුස් 24 · පි. 480

وَمَنْ أَحْسَنُ قَوْلًا مِمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ33

“අල්ලාහ් වෙත ඇරයුම් කොට දැහැමි දෑ සිදු කොට නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් අතුරින් වෙමි” යැයි පවසන අයට වඩා කතාවෙන් වඩාත් අලංකාර වනුයේ කවරෙකු ද?
41:34ජුස් 24 · පි. 480

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ۚ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ34

යහපත හා අයහපත සමාන නොවෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත.
41:35ජුස් 24 · පි. 480

وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ35

තවද ඉවසිලිවන්ත වූවන්ට හැර එය පිරිනමනු නොලැබේ. තවද මහත් භාග්‍යයක් හිමි අයට හැර එය පිරිනමනු නොලැබේ.
41:36ජුස් 24 · පි. 480

وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ36

ෂෙයිතතාන්ගෙන් වූ යම් පොලඹවීමක් ඔබ පොලඹවීමට ලක් කළේ නම් එවිට ඔබ අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
41:37ජුස් 24 · පි. 480

وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ۚ لَا تَسْجُدُوا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ37

රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතුරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නොකරනු. තවද නුඹලා ඔහුට පමණක් ගැතිකම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු.
41:38ජුස් 24 · පි. 480

فَإِنِ اسْتَكْبَرُوا فَالَّذِينَ عِنْدَ رَبِّكَ يُسَبِّحُونَ لَهُ بِاللَّيْلِ وَالنَّهَارِ وَهُمْ لَا يَسْأَمُونَ ۩38

එහෙයින් ඔවුහු උඩඟු වූයෙහු නම් (දැන ගනු) ඔබේ පරමාධිපති අබියස සිටින්නවුන් රාත්‍රියේ හා දහවලේ ඔහු පිවිතුරු කරති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති.
41:39ජුස් 24 · පි. 481

وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ39

මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතුරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන්ම ඒවාට ජීවය දුන් අය මළවුනට ද ජීවය දෙන්නාමය. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
41:40ජුස් 24 · පි. 481

إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَنْ يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ40

නියත වශයෙන්ම අපගේ වදන්හි විකෘති කරන්නවුන් අප වෙතින් සැඟ ව යන්නන් නොවෙති. වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිත ව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.
41:41ජුස් 24 · පි. 481

إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءَهُمْ ۖ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ41

නියත වශයෙන්ම ඔවුන් වෙත උපදෙස් සහිත ග්‍රන්ථය පැමිණ කල්හි නියත වශයෙන්ම එය ප්‍රතික්ෂේප කළවුන් (මතු වටහා ගනු ඇත.) තවද නියත වශයෙන්ම එය අති බලවත් ග්‍රන්ථයකි.
41:42ජුස් 24 · පි. 481

لَا يَأْتِيهِ الْبَاطِلُ مِنْ بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ ۖ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ42

එයට ඉදිරියෙන් හෝ එයට පසුපසින් හෝ අසත්‍ය දෑ ඒ වෙත නොපැමිණෙනු ඇත. එය මහා ප්‍රඥාවන්ත ප්‍රශංසා ලාභියාගෙන් වූ පහළ කිරීමකි.
41:43ජුස් 24 · පි. 481

مَا يُقَالُ لَكَ إِلَّا مَا قَدْ قِيلَ لِلرُّسُلِ مِنْ قَبْلِكَ ۚ إِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ وَذُو عِقَابٍ أَلِيمٍ43

ඔබට පෙර සිටි දහම් දූතවරුන්ට පවසනු ලැබූ දෑ මිස (වෙනෙකක්) ඔබ වෙත පවසනු නොලැබෙයි. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති සමාව සතු හා වේදනීය දඬුවම සතු අයයි.
41:44ජුස් 24 · පි. 481

وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَقَالُوا لَوْلَا فُصِّلَتْ آيَاتُهُ ۖ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ ۗ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى وَشِفَاءٌ ۖ وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ عَلَيْهِمْ عَمًى ۚ أُولَٰئِكَ يُنَادَوْنَ مِنْ مَكَانٍ بَعِيدٍ44

තවද එය අරාබි නොවන විදේශිය කුර්ආනයක් බවට අපි පත් කළේ නම්, “එහි වදන් විස්තර කරනු ලැබිය යුතු නොවේ ද? (නබිවරයා) අරාබිවරයෙකු ලෙස සිටියදී එය අරාබි නොවන්නක් ද? (යැයි ඔවුහු විමසති). “එය විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සහනයකි. තවද විශ්වාස නොකරන්නන් වන ඔවුන්ගේ කන් තුළ බිහිරිභාවය ඇත. එමෙන්ම එය ඔවුන් වෙත අන්ධභාවයකි. දූර ස්ථානයකින් ඇරයුම් කරනු ලබන්නෝ ඔවුහුමය.”යැයි පවසනු.
41:45ජුස් 24 · පි. 481

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۗ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ45

තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එවිට එහි මතභේද ඇති විය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් පෙරටු නොවී නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ ගැන සැකයෙහි කුතුහලයෙන් සිටින්නන් වෙති.
41:46ජුස් 24 · පි. 481

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ46

කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ.
41:47ජුස් 25 · පි. 482

۞ إِلَيْهِ يُرَدُّ عِلْمُ السَّاعَةِ ۚ وَمَا تَخْرُجُ مِنْ ثَمَرَاتٍ مِنْ أَكْمَامِهَا وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَيَوْمَ يُنَادِيهِمْ أَيْنَ شُرَكَائِي قَالُوا آذَنَّاكَ مَا مِنَّا مِنْ شَهِيدٍ47

අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙතමය. ඔහුගේ දැනුමෙන් තොර ව පලතුරු කිසිවක් එහි කෝෂ වලින් පිට නොවෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නොගනියි. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ?යි” එදින ඔහු ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.
41:48ජුස් 25 · පි. 482

وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَدْعُونَ مِنْ قَبْلُ ۖ وَظَنُّوا مَا لَهُمْ مِنْ مَحِيصٍ48

මීට පෙර ඔවුන් ඇරයුම් කරමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී ඇත. තමන්හට පලායන කිසිදු ස්ථානයක් නැතැයි ඔවුහු වටහා ගන්නෝය.
41:49ජුස් 25 · පි. 482

لَا يَسْأَمُ الْإِنْسَانُ مِنْ دُعَاءِ الْخَيْرِ وَإِنْ مَسَّهُ الشَّرُّ فَيَئُوسٌ قَنُوطٌ49

යහපත පැතීමෙන් මිනිසා වෙහෙසට පත් නොවෙයි. තවද ඔහුට නපුර වැළඳුණු විට බලාපොරොත්තු සුන් කර ගනිමින් නිරායාසයට පත් වනු ඇත.
41:50ජුස් 25 · පි. 482

وَلَئِنْ أَذَقْنَاهُ رَحْمَةً مِنَّا مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُجِعْتُ إِلَىٰ رَبِّي إِنَّ لِي عِنْدَهُ لَلْحُسْنَىٰ ۚ فَلَنُنَبِّئَنَّ الَّذِينَ كَفَرُوا بِمَا عَمِلُوا وَلَنُذِيقَنَّهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ50

ඔහුට වැලඳුණු පීඩිත තත්ත්වයෙන් පසු ව අපගෙන් වූ ආශිර්වාදයක් අපි ඔහුට විඳින්නට සැලැස්වූයේ නම් “මෙය මාගේය. අවසන් හෝරාව සිදුවන්නක් බව මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම යොමු කරනු ලැබුවේ නම් නියත වශයෙන්ම ඔහු අබියස මට යහපත ඇතැ”යි ඔහු පවසනු ඇත. ප්‍රතික්ෂේප කළවුනට ඔවුන් සිදු කළ දෑ නියත වශයෙන්ම අපි දන්වන්නෙමු. තවද දැඩි දඬුවමක් භුක්ති විඳින්නට අපි ඔවුනට සලස්වමු.
41:51ජුස් 25 · පි. 482

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ وَنَأَىٰ بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاءٍ عَرِيضٍ51

තවද අපි මිනිසාට ආශිර්වාද කළ විට ඔහු එය පිටුපා වෙනත් දෙසකට හැරී (දුරස් වී) යයි. තවද ඔහුට නපුර ස්පර්ශ වූ විට ඔහු අධික ප්‍රාර්ථනාවෙන් යුක්ත වූවකු වෙයි.
41:52ජුස් 25 · පි. 482

قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ ثُمَّ كَفَرْتُمْ بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقَاقٍ بَعِيدٍ52

“එය (අල් කුර්ආනය) අල්ලාහ් අබියසින් වී පසුව නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නෙහුය. අන්ත භේද වල සිටින ඔහුට වඩා නොමග ගියවුන් කවුරුන් ද” යන්න නුඹලා සිතා නොබැලුවෙහු දැයි (නබිවරය) ඔබ විමසනු.
41:53ජුස් 25 · පි. 482

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ ۗ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ53

නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) එය සත්‍යය බව ඔවුනට පැහැදිලි වන තෙක් ක්ෂිතිජය තුළ හා ඔවුන් තුළ අපගේ සාධක ඔවුනට අපි මතු පෙන්වන්නෙමු. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය යන්න ඔබේ පරමාධිපති සම්බන්ධව ප්‍රමාණවත් නොවීද?
41:54ජුස් 25 · පි. 482

أَلَا إِنَّهُمْ فِي مِرْيَةٍ مِنْ لِقَاءِ رَبِّهِمْ ۗ أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُحِيطٌ54

දැන ගනු! නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ සැකයෙහිය. දැන ගනු ! නියත වශයෙන්ම ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න