සූරා 41 · ජුස් 24

Fussilat · 41:46

مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۗ وَمَا رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ

කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ.

තෆ්සීර්

කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේද, ඔහුගේ එම ක්රියාවෙහි ප්රයෝජනය ඔහු වෙතම හැරී එනු ඇත. කිසිවෙකුගේ දැහැමි ක්රියාව අල්ලාහ්ට සෙත සලසන්නේ නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද එහි විපාකය ඔහු වෙතම හැරී එනු ඇත. ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ පාපකම් අල්ලාහ්ට හානි ඇති කරන්නේ ද නැත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත. අහෝ දූතය! නුඹේ පරමාධිපති ඔහුගේ ගැත්තන්හට අසාධාරණකම් සිදු කරන්නෙකු නොවේ. ඔහු කිසිවිටෙක ඔවුන්ගේ යහ ප්රතිඵල අඩු කරන්නේ නැත. එමෙන්ම පාපකම් කළ ඔවුනට වැඩියෙන් පරිනමන්නේ ද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න