සූරා 41 · ජුස් 24

Fussilat · 41:5

وَقَالُوا قُلُوبُنَا فِي أَكِنَّةٍ مِمَّا تَدْعُونَا إِلَيْهِ وَفِي آذَانِنَا وَقْرٌ وَمِنْ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ فَاعْمَلْ إِنَّنَا عَامِلُونَ

ඔබ අප කවර දෙයක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සම්බන්ධයෙන් අපගේ හදවත් වහන්තරාවකය. තවද අපගේ කන් තුළ බිහිරිය. අප අතර හා ඔබ අතර තිරයකි. එහෙයින් නුඹලා ක්‍රියා කරනු. නියත වශයෙන්ම අප ද ක්‍රියා කරන්නෝ වෙමු.

තෆ්සීර්

ඔවුහු, ‘අපගේ හදවත් නොසැලකිලිමත් කමින් ආවරණය වී ඇත. එහෙයින් නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නේ ද එය වැටහෙන්නේ නැත. අපගේ කන් තුළ බිහිරි බවක් ඇත. එහෙයින් එය කන් වැකෙන්නේ නැත. අප අතර හා නුඹ අතර තිරයක් පවතී. එහෙයින් නුඹ පවසන දෑ කිසිවක් අප වෙත සේන්දු වන්නේ නැත. එහෙයින් නුඹ නුඹේ මාර්ගය අනුව කටයුතු කරනු. සැබවින්ම අපි අපගේ මාර්ගය අනුව කටයුතු කරන්නෙමු. අපි නුඹ කිසිවිටෙක අනුගමනය නොකරන්නෙමු.’ යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න