සූරා 41 · ජුස් 24

Fussilat · 41:39

وَمِنْ آيَاتِهِ أَنَّكَ تَرَى الْأَرْضَ خَاشِعَةً فَإِذَا أَنْزَلْنَا عَلَيْهَا الْمَاءَ اهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ الَّذِي أَحْيَاهَا لَمُحْيِي الْمَوْتَىٰ ۚ إِنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතුරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන්ම ඒවාට ජීවය දුන් අය මළවුනට ද ජීවය දෙන්නාමය. නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

තෆ්සීර්

අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය, යළි අවදි කිරීමේ ඔහුගේ හැකියාව පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ කිසිදු පැලෑටියක් නොමැති භූමියක් දෑසින් දකින්නාක් මෙනි. ඒ මත වර්ෂා ජලය පහළ වූ විට එතුළ සැඟවී තිබූ බීජ වර්ධනය වීම හේතුවෙන් පොළව පැළී; එය ඉහළට එනු ඇත. මිය ගිය මෙම භූමිය පැලෑටි මගින් ජීවමාන කළ ඔහු, මිය ගියවුන්ට යළි ජීවය දෙන්නාය. විනිශ්චය හා ප්රතිඵල සඳහා යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි බලාධිකාරීය. මහපොළොව මිය යෑමෙන් පසුව එය යළි ජීවමාන කිරීමත්, මියගියවුනට යළි ජීවය දී ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කිරීමත් ඔහුට නොහැකි කාර්යයක් නොවේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න