සූරා 41 · ජුස් 24
Fussilat · 41:40
إِنَّ الَّذِينَ يُلْحِدُونَ فِي آيَاتِنَا لَا يَخْفَوْنَ عَلَيْنَا ۗ أَفَمَنْ يُلْقَىٰ فِي النَّارِ خَيْرٌ أَمْ مَنْ يَأْتِي آمِنًا يَوْمَ الْقِيَامَةِ ۚ اعْمَلُوا مَا شِئْتُمْ ۖ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
නියත වශයෙන්ම අපගේ වදන්හි විකෘති කරන්නවුන් අප වෙතින් සැඟ ව යන්නන් නොවෙති. වඩාත් ශ්රේෂ්ඨ වනුයේ (නිරා) ගින්නට හෙළනු ලබන්නා ද එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුරක්ෂිත ව පැමිණෙන්නා ද? නුඹලා කැමති දේ කරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂකය.
තෆ්සීර්
අල් කුර්ආනයේ පාඨ හෙළා දකිමින්, ඒවා බොරු කරමින් හා ඒවා විකෘති කරමින් එහි නිවැරදිතාවයෙන් හැරෙන්නන් වනාහි, සැබැවින්ම ඔවුන්ගේ එවැන් තත්ත්වයන් අප හට සැඟවී යන්නේ නැත. අපි ඔවුන්ව දකින්නෙමු. උතුම් වන්නේ නිරා ගින්නට හෙළනු ලබන්නන් ද, එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ආරක්ෂිත ව පැමිණෙන්න ද? අහෝ ජනයිනි! නුඹලා අභිමත කරන පරිදි යහපත හෝ අයහපත සිදු කරනු. සැබැවින්ම යහපත හා අයහපත අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. සැබැවින්ම අල්ලාහ් ඒ දෙකින් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අධීක්ෂණය කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න