සූරා 96 · ජුස් 30
Al-Alaq · 96:19
كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.
තෆ්සීර්
අහෝ නබිවරය! මෙම අපරාධකාරයා ඔබට යම් නපුරක් කරතැයි ඔබ සැක කරන්නාක් මෙන් එම කරුණ නොමැත. එබැවින් ඔහු(අපරාධකරු) අණ කරන කිසිවකට ඔබ අවනත නොවනු. අල්ලාහ්ට ඔබ සුජූද් කරනු. ඔහුට අවනත වෙමින් ඔහු වෙත සමීප වනු. සැබැවින්ම එය ඔහු වෙතට සමීප කරවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න