Al-Alaq

سورة العلق

සූරා 96 · මක්කා · 19 පද

96:1ජුස් 30 · පි. 597

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ1

මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
96:2ජුස් 30 · පි. 597

خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ2

ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
96:3ජුස් 30 · පි. 597

اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ3

අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
96:4ජුස් 30 · පි. 597

الَّذِي عَلَّمَ بِالْقَلَمِ4

පෑනෙන් ඉගැන් වූ
96:5ජුස් 30 · පි. 597

عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ5

ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.
96:6ජුස් 30 · පි. 597

كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ6

නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
96:7ජුස් 30 · පි. 597

أَنْ رَآهُ اسْتَغْنَىٰ7

තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
96:8ජුස් 30 · පි. 597

إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ8

නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.
96:9ජුස් 30 · පි. 597

أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ9

ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
96:10ජුස් 30 · පි. 597

عَبْدًا إِذَا صَلَّىٰ10

ගැත්තා සලාතය ඉටු කරන විට
96:11ජුස් 30 · පි. 597

أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَىٰ11

ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?
96:12ජුස් 30 · පි. 597

أَوْ أَمَرَ بِالتَّقْوَىٰ12

නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)
96:13ජුස් 30 · පි. 598

أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ13

තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?
96:14ජුස් 30 · පි. 598

أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَىٰ14

නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?
96:15ජුස් 30 · පි. 598

كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ15

නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
96:16ජුස් 30 · පි. 598

نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ16

එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
96:17ජුස් 30 · පි. 598

فَلْيَدْعُ نَادِيَهُ17

එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!
96:18ජුස් 30 · පි. 598

سَنَدْعُ الزَّبَانِيَةَ18

මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
96:19ජුස් 30 · පි. 598

كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩19

නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න