اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ1
මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ2
ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ3
අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
الَّذِي عَلَّمَ بِالْقَلَمِ4
පෑනෙන් ඉගැන් වූ
عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ5
ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.
كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ6
නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
أَنْ رَآهُ اسْتَغْنَىٰ7
තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ8
නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.
أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ9
ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
عَبْدًا إِذَا صَلَّىٰ10
ගැත්තා සලාතය ඉටු කරන විට
أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَىٰ11
ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?
أَوْ أَمَرَ بِالتَّقْوَىٰ12
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)
أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ13
තවද ඔහු (සත්යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?
أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَىٰ14
නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?
كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ15
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ16
එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
فَلْيَدْعُ نَادِيَهُ17
එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!
سَنَدْعُ الزَّبَانِيَةَ18
මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩19
නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.