සූරා 27 · ජුස් 20
An-Naml · 27:92
وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ
තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද (අණ කරනු ලැබුවෙමි.) එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි නුඹ (ඔහුට) පවසනු.
තෆ්සීර්
මිනිසුන් වෙත අල් කුර්ආනය කියවා පෙන්වීමටත් මම අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු එම මග පෙන්වීම තුළින් යහ මග ලබා, එහි ඇති දෑ අනුව කටයුතු කළේ ද එවිට ඔහුගේ මග පෙන්වීම ඔහුට ප්රයෝජනවත් වනු ඇත. තවද කවරෙකු නොමග ගොස් එයින් හැරී, එය හෙළා දැක, එහි ඇති දෑ අනුව කටයුතු නොකළේ ද එවිට නුඹ ඔවුනට සැබවින්ම "මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි. නුඹලාගේ යහ මග මාගේ අතේ නැත" යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න