සූරා 27 · ජුස් 20

An-Naml · 27:91

إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ

නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට ගැතිකම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. 'සැබවින්ම මම අණ කරනු ලැබුවේ, අල්ලාහ් සුවිශුද්ධ කළ, එහි ප්රාණ ඝාතනය තහනම් කරන ලද, කිසිවකුට අපරාධයක් සිදු කරනු නොලබන, එහි දඩයම් කර සතුන් මරා නොදමන, එහි ගස් කපා නොහරින මක්කාවේ හිමිපාණන්ට නැමදුම් කිරීමටය. සියලු දෑ හි ආධිපත්යය ඔහු සතුය. අල්ලාහ්ට අවනත වී යටත් වන, ඔහු වෙනුවෙන් අවනතවන්නන් අතරින් මා ද වීමට මම අණ කරනු ලැබුවෙමි.'

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න