සූරා 27 · ජුස් 20
An-Naml · 27:90
وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑ හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද?
තෆ්සීර්
කවරෙකු දේව ප්රතික්ෂේපය හා පාපකම් සමග පැමිණෙන්නේ ද ඔවුනට අපා ගින්න ඇත. ඔවුන් මුණිනතට පෙරළා එහි හෙළනු ලබති. ඔවුනට අපහාස කරමින් මෙසේ පවසනු ලැබේ. "දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මෙලොව නුඹලා කරමින් සිටී දෑ ට මිස වෙනත් කිසිවකට ප්රතිවිපාක පිරිනමනු ලැබනු ඇත් ද?"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න