සූරා 27 · ජුස් 20
An-Naml · 27:93
وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
සියලු ප්රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි ඔබ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ගණන් කළ නොහැකි අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුටමය ප්රශංසා! නුඹලා තුළ ද, අහස් හා මහ පොළොව තුළ ද, නුඹලාගේ පෝෂණය තුළ ද ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට පෙන්වනු ඇත. එවිට සත්ය වෙත කෙරෙන ඇරයුම වෙත නුඹලා මග ලබන දැනුම නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ඔහු ඒ දෙස බලා සිටියි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න