සූරා 27 · ජුස් 20
An-Naml · 27:81
وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ
අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. අපගේ වදන් විශ්වාස කර, අවනත වන මුස්ලිම්වරුන් බවට පත්වූවන්ට හැර අන් අයට නුඹට සවන් වැකෙන්නට සැළැස්විය නොහැක.
තෆ්සීර්
සත්යය දැකීමෙන් අන්ධවූවන්හට මග පෙන්වන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. නුඹ නො තැවෙනු. අපගේ වදන් විශ්වාස කරන්නන්හට හැර වෙනත් කිසිවකුට සත්යය වටහා දෙන්නට නුඹට නො හැකිය. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වන්නෝ (විශ්වාසී) ඔවුහුමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න