සූරා 27 · ජුස් 20

An-Naml · 27:82

۞ وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ

ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය පතිත වූ විට ‘නියත වශයෙන්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකරමින් සිටියහ’ යැයි ඔවුන් සමග කතා කරන සත්ත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු.

තෆ්සීර්

ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් මත අඛණ්ඩ ව නිරත ව සිටි බැවින් දඬුවම අනිවාර්යය වී ඔවුනට එය ස්ථීර වී; නපුරු ජනයා ඉතිරි වූ විට අවසන් හෝරාව ළඟා වන අවස්ථාවේ ඔවුනට අපි එහි ප්රධාන සලකුණු අතරින් එක් සලකුණක් මතු කරන්නෙමු. එය ‘සැබවින්ම මිනිසුන් අපගේ නබි තුමාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ සංඥාවන් සත්ය බව තහවුරු කරන්නෝ නොවැතැයි’ මිනිසුන් වටහා ගන්නා පරිදි ඔවුන් සමග කතා කරන මහ පොළොවේ සිටින සත්වයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න