සූරා 27 · ජුස් 20

An-Naml · 27:80

إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ

නියත වශයෙන්ම නුඹට (සත්‍ය ප්‍රතික්ෂේප කරන) මළවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. තවද (සත්‍යට කන් නොදෙන) බිහිරන් ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක.

තෆ්සීර්

අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හදවත් මිය ගිය මළවුනට ඇසෙන්නට සැලැස්වීමට නුඹට නොහැක. එමෙන්ම නුඹ කවර කරුණක් වෙත ඔවුන්ට ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන නුඹට පිටුපාමින් ඔවුන් හැරී ගිය විට, සත්යයට සවන් දීමෙන් අල්ලාහ් ඔහුගේ ශ්රවණ ශක්තිය නැති කළ අයට ඇසෙන්නට සැලැස්වීමට ද නුඹට නො හැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න