සූරා 27 · ජුස් 20

An-Naml · 27:63

أَمَّنْ يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ

එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය.

තෆ්සීර්

එසේ නැතහොත් ගොඩබිමේ අන්ධකාරයන් තුළ හා මුහුදේ අන්ධකාරයන් තුළ නුඹලාට තාරකාවන් හා සලකුණු පිහිටවමින් නුඹලාට මග පෙන්වන්නා ද? එමෙන්ම තම ගැත්තන්හට ආශිර්වාද කරන වර්ෂාව පහළ වීමට ළඟා කරන ශුභාරංචිදායක සුළං එවන්නා ද? අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියෙකු සිටිත් ද? අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ මැවීම් අතරින් ඔවුන් ඔහුට තබන ආදේශයන්ගෙන් ඔහු පිවිතුරුය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න