සූරා 27 · ජුස් 20
Who answers the distressed · An-Naml 27:62
أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ
එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයකි.
තෆ්සීර්
කවරෙකු ඔහුගේ යම් කටයුත්තක හිර වී එය දරුණු වූ විට ඒ ගැන ඔහු ප්රාර්ථනා කළ අවස්ථාවේ එයට පිළිතුරු දී මිනිසාට අත්වන රෝගාබාධය, දිළිඳුකම හා වෙනත් උවදුරු ඉවත් කරන්නා ද? යුගයෙන් යුගය නුඹලාගෙන් පිරිසක් තවත් පිරිසක් පාලනය කරන පරිදි මහ පොළොවේ නියෝජිතයින් බවට ඔහු නුඹලාව පත් කළේය. අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද? නැත. නුඹලා උපදෙස් ලබනුයේ ද පාඩම් ලබනුයේ ද ස්වල්පයක් පමණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න