සූරා 27 · ජුස් 20

An-Naml · 27:61

أَمَّنْ جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කොට ඒ අතර ගංගාවන් ඇති කොට එහි කඳු ඇති කොට මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

තෆ්සීර්

මහ පොළොව මත වෙසෙන්නන් නොසෙලවෙන පරිදි එය ස්ථාවර ලෙස රඳවා, එහි අභ්යන්තරයේ ගංගාවන් ගලා යන්නට සලස්වා ඒ වෙනුවෙන් ස්ථාවර කඳු පිහිටුවා පානය කරන්නන්හට සුදුසු නොවන පරිදි කරදිය හා මිරිදිය මිශ්ර නොවන අයුරින් කරදිය හා මිරිදිය වෙන් වෙන් වශයෙන් ඇති කළ අය ද?. අල්ලාහ් සමග ඒවා සිදු කළ නැමදුම් ලැබිය හැකි වෙනත් අය සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් දැන සිටියේ නම් ඔහුගේ මැවීම් අතරින් කිසිවකු ඔවුන් ඔහුට ආදේශ නොකරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න