සූරා 27 · ජුස් 20

An-Naml · 27:60

أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنْزَلَ لَكُمْ مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَا كَانَ لَكُمْ أَنْ تُنْبِتُوا شَجَرَهَا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ

(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමගින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි.

තෆ්සීර්

එසේ නැතහොත් අහස් හා මහ පොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුවාණන් ද? අහෝ ජනයිනි! ඔහු නුඹලාට අහසින් වැසි ජලය පහළ කොට අලංකාර හා සාරවත් වතු එමගින් ඔහු නුඹලාට හට ගැන්වීය. නුඹලාගේ නොහැකියාව හේතුවෙන් මෙම වතු වල ගස් වැවීමට නුඹලාට හැකි නොවීය. එය හට ගැන්වූයේ අල්ලාහ්ය. අල්ලාහ් සමග මෙය සිදු කරන නැමදුම් ලබන වෙනත් කෙනෙක් සිටී ද? නැත ඔවුන් සත්යයෙන් පෙරළී යන සමූහයක් විය. ඔවුන් අපරාධකාරී ලෙස මැවුම්කරුට මැවීම් සමාන කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න