සූරා 27 · ජුස් 20

An-Naml · 27:59

قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් අදේශ කරන දෑ ද?

තෆ්සීර්

"අහෝ දූතය! ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද සඳහාත් ලූත් හා සාලිහ්ගේ සමූහයාට කවර දඬුවමක් දෙනු ලැබුවේ ද එවන් දඬුවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්හට ආරක්ෂාව සැලසීම සඳහාත් සියලු ප්රශංසා හිමි විය යුත්තේ අල්ලාහ්ටම යැ"යි නුඹ පවසනු. "උතුම් වනුයේ සියලු දෑ හි යහපත තමන් සතු ව ඇති සැබෑ ලෙස නැමදුම් ලබන අල්ලාහ් ද? එසේ නැතහොත් කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි දේව ආදේශකයින් විසින් නැමදුම් ලබන දෑ ද?" යැයි විමසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න