සූරා 27 · ජුස් 20

An-Naml · 27:64

أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ

එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු.

තෆ්සීර්

එසේ නැතහොත් අදියරයකින් පසු ව අදියරයක් ලෙස ගර්භාෂයන් තුළ මැවීම් උත්පාදනය කරන්නා ද? පසු ව ඔහු මිය ගිය පසු ව ඔහුට යළි ජීවය ලබා දෙයි. අහසින් පහළ කරනු ලබන වාර්ෂාවෙන් ඔහු නුඹලා ව පෝෂණය කරයි. අල්ලාහ් සමග ඒවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද?" සැබවින්ම නුඹලා සත්යය මත සිටින බව කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා කවර ආදේශයක් මත පිහිටා සිටින්නේ ද ඒ සඳහා නුඹලාගේ සාධක ගෙන එනු." යැයි අහෝ දූතය! මෙම ආදේශකයින්හට නුඹ පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න