සූරා 27 · ජුස් 19
An-Naml · 27:37
ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ
නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින්ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට ලක් වූ පහත් වූවන් ලෙසින් එයින් ඔවුන් ව අපි පිටුවහල් කරන්නෙමු.
තෆ්සීර්
සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා ඇයගේ දූතයාට තවදුරටත්, "නුඹ කවර තිළිණයක් ගෙන ආවේ ද එය ඔවුනට නැවත දෙනු. ඇය හා ඇයගේ ජනයාට මුහුණ දිය නොහැකි බලවත් සේනාවක් සමග සැබවින්ම අපි ඔවුන් වෙත පැමිණෙන්නෙමු. සබඃ දේශයෙන් අපි ඔවුන් පිටුවහල් කරමු. ඔවුන් මා වෙත අවනත වන්නන් ලෙස නොපැමිණියේ නම් ඔවුන් කවර ගෞරවයක් මත සිටින්නේ ද එකී තත්ත්වයෙන් පසු ඔවුන් අවමානයට පත් නිචයින් බවට පත් වන්නෝය." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න