සූරා 27 · ජුස් 19
An-Naml · 27:36
فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِمَّا آتَاكُمْ بَلْ أَنْتُمْ بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ
එවිට සුලෙයිමාන් වෙත (දූතයා) ඔහු පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම්ය. නමුත් නුඹලා නුඹලාගේ ත්යාග පිළිබඳ ව සතුටු වන්නෙහුය.
තෆ්සීර්
ඇයගේ දූතයා හා ඔහු සමග වූ සගයින් ත්යාග ඔසවාගෙන සුලෙයිමාන් වෙත පැමිණි කල්හි, සුලයිමාන් එවන ලද ත්යාග හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගෙන් මා වැළැක්වීම සඳහා නුඹලා මට අල්ලස් දෙන්නෙහු ද? නුඹලා පිරිනමන මේවාට වඩා අල්ලාහ් මට පිරිනැමූ නබිත්වය, රාජ්ය බලය හා ධනය අති උතුම්ය. නමුත් නුඹලා වෙත පිරිනමන ලද මෙලොව රොඩු පිළිබඳ නුඹලා සතුටු වන්නෙහුය." යැයි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න