සූරා 27 · ජුස් 19
An-Naml · 27:38
قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَنْ يَأْتُونِي مُسْلِمِينَ
අහෝ ප්රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් (මුස්ලිම්වරුන්) ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැයි ඔහු (සුලෙයිමාන්) විමසීය.
තෆ්සීර්
සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා තම පාලනය යටතේ සිටින උදව්කරුවන්හට කතා කරමින්, "අහෝ ප්රධානියනි! ඔවුන් මා වෙත යටහත් ව පැමිණීමට පෙර ඇයගේ රාජ්ය ආසනය මා වෙත ගෙන එන්නේ නුඹලා අතරින් කවරෙකු දැ?"යි විමසා සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න