Ar-Rahman

سورة الرحمن

සූරා 55 · මක්කා · 78 පද

55:1ජුස් 27 · පි. 531

الرَّحْمَٰنُ1

අපරිමිත දයාන්විතයාණෝ
55:2ජුස් 27 · පි. 531

عَلَّمَ الْقُرْآنَ2

ඔහු අල් කුර්ආනය ඉගැන්වීය.
55:3ජුස් 27 · පි. 531

خَلَقَ الْإِنْسَانَ3

ඔහු මිනිසා ව මැව්වේය.
55:4ජුස් 27 · පි. 531

عَلَّمَهُ الْبَيَانَ4

ඔහු ඔහුට පැහැදිලි කතාව ඉගැන්වීය.
55:5ජුස් 27 · පි. 531

الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ5

හිරු හා සඳු නියමිත ගණන් විලාසයකට අනුව ගගනය කරයි.
55:6ජුස් 27 · පි. 531

وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ6

තවද තරු හා ගස යන දෙක ඔහුට සුජූද් කරති.
55:7ජුස් 27 · පි. 531

وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ7

තවද අහස ඔහු එය උස් කළේය. තවද (යුක්තියේ) තුලාව පිහිටුවේය.
55:8ජුස් 27 · පි. 531

أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ8

යුක්තියේ තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
55:9ජුස් 27 · පි. 531

وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ9

තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
55:10ජුස් 27 · පි. 531

وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ10

තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා තැබුවේ ය.
55:11ජුස් 27 · පි. 531

فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ11

එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
55:12ජුස් 27 · පි. 531

وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ12

තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.
55:13 · Which of the favors of your Lordජුස් 27 · පි. 531

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ13

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:14ජුස් 27 · පි. 531

خَلَقَ الْإِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ14

වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.
55:15ජුස් 27 · පි. 531

وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ15

තවද ගින්නෙන් වූ (දුමක් නැති) දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය
55:16ජුස් 27 · පි. 531

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ16

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:17ජුස් 27 · පි. 531

رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ17

(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
55:18ජුස් 27 · පි. 531

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ18

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:19ජුස් 27 · පි. 532

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ19

ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය.
55:20ජුස් 27 · පි. 532

بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ20

ඒ දෙක අබිබවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
55:21ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ21

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:22ජුස් 27 · පි. 532

يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ22

ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
55:23ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ23

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:24ජුස් 27 · පි. 532

وَلَهُ الْجَوَارِ الْمُنْشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ24

තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.
55:25ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ25

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:26ජුස් 27 · පි. 532

كُلُّ مَنْ عَلَيْهَا فَانٍ26

ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක්ය.
55:27ජුස් 27 · පි. 532

وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ27

තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ ශේෂ ව පවතී.
55:28ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ28

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:29ජුස් 27 · පි. 532

يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ29

අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.
55:30ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ30

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:31ජුස් 27 · පි. 532

سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ31

අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් ඉක්මණින් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
55:32ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ32

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:33ජුස් 27 · පි. 532

يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ33

අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ පැතිකඩ වලින් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
55:34ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ34

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:35ජුස් 27 · පි. 532

يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ35

නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය (ඉන් ආරක්ෂා වන්නට) උදව් නොලබනු ඇත.
55:36ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ36

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:37ජුස් 27 · පි. 532

فَإِذَا انْشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ37

එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
55:38ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ38

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:39ජුස් 27 · පි. 532

فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ إِنْسٌ وَلَا جَانٌّ39

එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි.
55:40ජුස් 27 · පි. 532

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ40

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:41ජුස් 27 · පි. 532

يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ41

වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.
55:42ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ42

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:43ජුස් 27 · පි. 533

هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ43

වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
55:44ජුස් 27 · පි. 533

يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ44

ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු කැරකෙති.
55:45ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ45

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:46ජුස් 27 · පි. 533

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ46

තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
55:47ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ47

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:48ජුස් 27 · පි. 533

ذَوَاتَا أَفْنَانٍ48

සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
55:49ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ49

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:50ජුස් 27 · පි. 533

فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ50

ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකකි.
55:51ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ51

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:52ජුස් 27 · පි. 533

فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ52

සෑම පලතුරකින්ම ජෝඩුවක් බැගින් ඒ එදෙකහි ඇත.
55:53ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ53

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:54ජුස් 27 · පි. 533

مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ54

ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙසිනි. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙනි. එම උයන් දෙකෙහි පලතුරු සමීපයෙන් පිහිටයි.
55:55ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ55

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:56ජුස් 27 · පි. 533

فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ56

ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
55:57ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ57

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:58ජුස් 27 · පි. 533

كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ58

නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
55:59ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ59

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:60ජුස් 27 · පි. 533

هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ60

යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් ඇත් ද?
55:61ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ61

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:62ජුස් 27 · පි. 533

وَمِنْ دُونِهِمَا جَنَّتَانِ62

ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
55:63ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ63

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:64ජුස් 27 · පි. 533

مُدْهَامَّتَانِ64

(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.
55:65ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ65

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:66ජුස් 27 · පි. 533

فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ66

ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකකි.
55:67ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ67

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:68ජුස් 27 · පි. 533

فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ68

ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.
55:69ජුස් 27 · පි. 533

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ69

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:70ජුස් 27 · පි. 534

فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ70

රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.
55:71ජුස් 27 · පි. 534

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ71

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:72ජුස් 27 · පි. 534

حُورٌ مَقْصُورَاتٌ فِي الْخِيَامِ72

කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.
55:73ජුස් 27 · පි. 534

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ73

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:74ජුස් 27 · පි. 534

لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ74

ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
55:75ජුස් 27 · පි. 534

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ75

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:76ජුස් 27 · පි. 534

مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ76

කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.
55:77ජුස් 27 · පි. 534

فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ77

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
55:78ජුස් 27 · පි. 534

تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ78

තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අති උත්කෘෂ්ට විය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න