සූරා 55 · ජුස් 27

Ar-Rahman · 55:33

يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ

අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ පැතිකඩ වලින් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හා ජින්නුන් ඒකරාශී වන විට අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: ‘අහෝ ජින් හා මිනිස් වර්ගයිනි! අහස් හා මහපොළොවේ පැතිකඩවලින් එක් පැත්තකින් පිවිසුම් මාර්ගයක් නුඹලා ලබන්නට හැකි නම් එසේ සිදු කර ගනු. දැඩි බලයකින් හා ශ්රමයකින් මිස එසේ සිදු කිරීමට නුඹලාට නොහැකිය. නුඹලාට එසේ විය හැක්කේ කෙසේ ද?'

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න