إِذَا وَقَعَتِ الْوَاقِعَةُ1
සිදු වන දෑ සිදු වූ විට
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ2
එම සිදුවීම බොරුවක් නොවෙයි.
خَافِضَةٌ رَافِعَةٌ3
(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.
إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا4
මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට
وَبُسَّتِ الْجِبَالُ بَسًّا5
තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට
فَكَانَتْ هَبَاءً مُنْبَثًّا6
එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.
وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً7
එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය.
فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ8
එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද?
وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ9
තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද?
وَالسَّابِقُونَ السَّابِقُونَ10
පෙරටුගාමීහු පෙරටු ගාමීහුය.
أُولَٰئِكَ الْمُقَرَّبُونَ11
ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.
فِي جَنَّاتِ النَّعِيمِ12
(ඔවුන්) සැපවත් උයන්හිය.
ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ13
මුල් අයගෙන් වූ පිරිසකි.
وَقَلِيلٌ مِنَ الْآخِرِينَ14
තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.
عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ15
(ඔවුන්) අලංකාර කරන ලද කවිච්චි මතය.
مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ16
ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.
يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ17
ළමා විය සදාතනික වූ ළමුන් ඔවුන් වටා යති.
بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ18
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ19
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ20
ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග
وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ21
ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග
وَحُورٌ عِينٌ22
තවද දැකුම්කලු කන්යා කුමරියෝ ද වෙති.
كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ23
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය
جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ24
ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්රතිඵලයක් වශයෙනි.
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا25
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
إِلَّا قِيلًا سَلَامًا سَلَامًا26
ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති.)
وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ27
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
فِي سِدْرٍ مَخْضُودٍ28
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.
وَطَلْحٍ مَنْضُودٍ29
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.
وَظِلٍّ مَمْدُودٍ30
දිගු කරනු ලැබූ සෙවණැලි අතරය
وَمَاءٍ مَسْكُوبٍ31
ගලා යවනු ලබන ජලය අතරය.
وَفَاكِهَةٍ كَثِيرَةٍ32
බොහෝ පලතුරු අතරය.
لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ33
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
وَفُرُشٍ مَرْفُوعَةٍ34
උස් ව තබන ලද ඇතිරිලි අතරය.
إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً35
නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
فَجَعَلْنَاهُنَّ أَبْكَارًا36
එවිට අපි ඔවුන් කන්යා කුමරියන් බවට පත් කළෙමු.
عُرُبًا أَتْرَابًا37
පෙම්බර සම වයසැති
لِأَصْحَابِ الْيَمِينِ38
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ39
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි
وَثُلَّةٌ مِنَ الْآخِرِينَ40
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ41
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
فِي سَمُومٍ وَحَمِيمٍ42
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
وَظِلٍّ مِنْ يَحْمُومٍ43
කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
لَا بَارِدٍ وَلَا كَرِيمٍ44
තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත.
إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ45
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ.
وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ46
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ.
وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ47
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ.
أَوَآبَاؤُنَا الْأَوَّلُونَ48
“අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?”
قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ49
“නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු.
لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ50
නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති” යැයි
ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ51
අහෝ බොරුකාර නොමග ගියවුනි!
لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ52
අනතුරු ව නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ53
එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ54
ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.
فَشَارِبُونَ شُرْبَ الْهِيمِ55
පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.
هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ56
මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්රහය වේ.
نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ57
අපය නුඹලා ව මැව්වේ. එහෙයින් නුඹලා සත්යය කළ යුතු නොවේ ද?
أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ58
නුඹලා ශුක්රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ59
එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද?
نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ60
නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපි අසරණයින් නොවෙමු.
عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ61
නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත්
وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ62
තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ63
නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?
أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ64
එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද?
لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ65
අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.
إِنَّا لَمُغْرَمُونَ66
“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”
بَلْ نَحْنُ مَحْرُومُونَ67
“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” (යැයි පවසති)
أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ68
නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද?
أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ69
එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද?
لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ70
අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද?
أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ71
නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද?
أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ72
එහි ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද?
نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ73
අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගී(අවශ්යතා ඇත්ත)න්ට භාණ්ඩයක් ලෙසින් අපි එය පත් කළෙමු.
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ74
එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.
۞ فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ75
එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.
وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ76
තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.
إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ77
නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි.
فِي كِتَابٍ مَكْنُونٍ78
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය.
لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ79
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති.
تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ80
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ81
නුඹලා මෙම ප්රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද?
وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ82
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ83
(කෙනෙකුගේ ප්රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට
وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ84
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ85
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ86
එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්
تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ87
(නුඹලා සිතන පරිදි) නුඹලා සත්යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු.
فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ88
එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ89
සැනසුම ද ප්රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද වෙති.
وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ90
ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්
فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ91
එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි.
وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ92
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්
فَنُزُلٌ مِنْ حَمِيمٍ93
එවිට ලෝ දියෙන් වූ නවාතැනකි.
وَتَصْلِيَةُ جَحِيمٍ94
තවද නිරා ගින්නෙහි දැවීමකි.
إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ95
ස්ථීර සත්යය වනුයේ නියත වශයෙන්ම මෙයමය.
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ96
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.