සූරා 55 · ජුස් 27
Ar-Rahman · 55:29
يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.
තෆ්සීර්
අහස්වල සිටින සෑම මලක්වරයකු ම, මහපොළොවේ සිටින ජින්නුන් හා මිනිසුන් ද ඔවුන්ගේ අවශ්යතාවන් ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ජීවය ලබා දීම, මරණයට පත් කිරීම, පෝෂණ සම්පත් ලබා දීම හා ඒ හැර ඔහුගේ ගැත්තන්ගේ වෙනත් කටයුතු අතරින් යම් කටයුත්තක ඔහු නිරතවෙමින් සිටියි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න