لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ1
Al-Balad
سورة البلد
සූරා 90 · මක්කා · 20 පද
90:1ජුස් 30 · පි. 594
මෙම නගරය (මක්කාහ් ව) මත ද දිවුරමි.
90:2ජුස් 30 · පි. 594
وَأَنْتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ2
නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී
90:3ජුස් 30 · පි. 594
وَوَالِدٍ وَمَا وَلَدَ3
පියා හා ඔහු ජනිත කළ දෑ මත ද දිවුරමි.
90:4ජුස් 30 · පි. 594
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ4
සැබැවින්ම අපි මිනිසා ව දැඩි දුෂ්කරතාවක මැව්වෙමු.
90:5ජුස් 30 · පි. 594
أَيَحْسَبُ أَنْ لَنْ يَقْدِرَ عَلَيْهِ أَحَدٌ5
ඔහු කෙරෙහි කිසිවෙකු බලය නොදරනු ඇතැයි ඔහු සිතන්නේ ද?
90:6ජුස් 30 · පි. 594
يَقُولُ أَهْلَكْتُ مَالًا لُبَدًا6
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
90:7ජුස් 30 · පි. 594
أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ7
ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
90:8ජුස් 30 · පි. 594
أَلَمْ نَجْعَلْ لَهُ عَيْنَيْنِ8
අපි ඔහුට ඇස් දෙක ඇති නොකළෙමු ද?
90:9ජුස් 30 · පි. 594
وَلِسَانًا وَشَفَتَيْنِ9
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
90:10ජුස් 30 · පි. 594
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ10
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
90:11ජුස් 30 · පි. 594
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ11
එනමුත් ඔහු අකබා ව තරණය කිරීමට වෑයම් නොකළේය.
90:12ජුස් 30 · පි. 594
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ12
අකබා ව යනු කුමක්දැයි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
90:13ජුස් 30 · පි. 594
فَكُّ رَقَبَةٍ13
(එය) වහලෙකු නිදහස් කිරීම හෝ
90:14ජුස් 30 · පි. 594
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ14
සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම වේ.
90:15ජුස් 30 · පි. 594
يَتِيمًا ذَا مَقْرَبَةٍ15
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට හෝ (ආහාර සැපයීම වේ).
90:16ජුස් 30 · පි. 594
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ16
අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම වේ.)
90:17ජුස් 30 · පි. 594
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ17
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ.
90:18ජුස් 30 · පි. 594
أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ18
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
90:19ජුස් 30 · පි. 595
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ19
තවද අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වන ඔවුහුමය වමත් පාර්ශවයින් වන්නෝ.
90:20ජුස් 30 · පි. 595
عَلَيْهِمْ نَارٌ مُؤْصَدَةٌ20
ඔවුන්හට මොළවන ලද (නිරයේ) ගින්න ඇත.