Al-Fajr

سورة الفجر

සූරා 89 · මක්කා · 30 පද

89:1ජුස් 30 · පි. 593

وَالْفَجْرِ1

අරුණෝදය මත ද දිවුරමින්.
89:2ජුස් 30 · පි. 593

وَلَيَالٍ عَشْرٍ2

දස රාත්‍රියන් මත ද (දිවුරමින්.)
89:3ජුස් 30 · පි. 593

وَالشَّفْعِ وَالْوَتْرِ3

ඉරට්ටේ හා ඔත්තේ මත ද (දිවුරමින්.)
89:4ජුස් 30 · පි. 593

وَاللَّيْلِ إِذَا يَسْرِ4

රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
89:5ජුස් 30 · පි. 593

هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ5

නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
89:6ජුස් 30 · පි. 593

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ6

ඉරම් නගරයේ ආද් ජනයාට නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?
89:7ජුස් 30 · පි. 593

إِرَمَ ذَاتِ الْعِمَادِ7

කුලුනු වලින් යුක්ත
89:8ජුස් 30 · පි. 593

الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ8

ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබූ
89:9ජුස් 30 · පි. 593

وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ9

නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයාටත්, (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?)
89:10ජුස් 30 · පි. 593

وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ10

රිටි වලට හිමිකම් පෑ ෆිර්අවුන්(ගේ වර්ගයාට)ත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ? )
89:11ජුස් 30 · පි. 593

الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ11

දේශයන්හි සීමා ව ඉක්මවා ගිය
89:12ජුස් 30 · පි. 593

فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ12

ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.
89:13ජුස් 30 · පි. 593

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ13

එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත වේදනාවේ කසය (දඬුවම) හෙළුවේය.
89:14ජුස් 30 · පි. 593

إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ14

සැබැවින්ම නුඹගේ පරමාධිපති සුපරික්ෂාකාරී ව සිටින්නාය.
89:15ජුස් 30 · පි. 593

فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ15

එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
89:16ජුස් 30 · පි. 593

وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ16

තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
89:17ජුස් 30 · පි. 593

كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ17

නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.
89:18ජුස් 30 · පි. 593

وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ18

තවද නුඹලා දුගියාට ආහාර සැපයීම කෙරෙහි දිරි නොගන්වන්නෙහුය. ත
89:19ජුස් 30 · පි. 593

وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا19

තවද නුඹලා උරුමයන් (නීත්‍යනුකූල නොවන පරිදි) දැඩි ලෙස අනුභව කරන්නෙහුය.
89:20ජුස් 30 · පි. 593

وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا20

එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.
89:21ජුස් 30 · පි. 593

كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا21

එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි
89:22ජුස් 30 · පි. 593

وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا22

තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.
89:23ජුස් 30 · පි. 594

وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ23

තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
89:24ජුස් 30 · පි. 594

يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي24

“අහෝ! මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.
89:25ජුස් 30 · පි. 594

فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ25

එවිට එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.
89:26ජුස් 30 · පි. 594

وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ26

තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබන්නේය.
89:27ජුස් 30 · පි. 594

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ27

“අහෝ සැනසුමට පත් ආත්මය!
89:28ජුස් 30 · පි. 594

ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً28

නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට පත් කරනු ලබන්නෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
89:29ජුස් 30 · පි. 594

فَادْخُلِي فِي عِبَادِي29

එවිට (අල්ලාහ් මෙසේ පවසයි) නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
89:30ජුස් 30 · පි. 594

وَادْخُلِي جَنَّتِي30

තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න