هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ1
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ2
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව
عَامِلَةٌ نَاصِبَةٌ3
වෙහෙස ව විඩාවට පත් ව තිබේ.
تَصْلَىٰ نَارًا حَامِيَةً4
ඇවිළෙන ගින්නට ඒවා(එම මුහුණු) පිවිසෙයි.
تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ5
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබයි.
لَيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِنْ ضَرِيعٍ6
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් කිසිවක් නොමැත
لَا يُسْمِنُ وَلَا يُغْنِي مِنْ جُوعٍ7
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ8
(ඇතැම්) මුහුණු සතුටින් සිටිති.
لِسَعْيِهَا رَاضِيَةٌ9
ඒවායෙහි ශ්රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව
فِي جَنَّةٍ عَالِيَةٍ10
උසස් ස්වර්ග උයන්හි (සතුටින් සිටිති.)
لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً11
එහි පුහු වදන් ශ්රවණය නොකරති.
فِيهَا عَيْنٌ جَارِيَةٌ12
එහි ගලා යන උල්පත් ද
فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ13
එහි ගලා යන උල්පත් ද
وَأَكْوَابٌ مَوْضُوعَةٌ14
(බීමට) තබන ලද ගුරුලේත්තු ද
وَنَمَارِقُ مَصْفُوفَةٌ15
වියන ලද කොට්ට ද
وَزَرَابِيُّ مَبْثُوثَةٌ16
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ17
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ද, ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ18
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද, (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ19
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ20
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ21
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
لَسْتَ عَلَيْهِمْ بِمُصَيْطِرٍ22
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
إِلَّا مَنْ تَوَلَّىٰ وَكَفَرَ23
කවරෙකු පිටුපාමින් ප්රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ24
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
إِنَّ إِلَيْنَا إِيَابَهُمْ25
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ26
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය. පසුව සැබැවින්ම ඔවුන්(කළ ක්රියාවන්)ගේ ගණනය අප මත ය.