සූරා 90 · ජුස් 30
Al-Balad · 90:17
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතුරින් කෙනෙකු බවට පත් වේ.
තෆ්සීර්
පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කරන්නන් අතුරින් කෙනෙක් වී, ඔහුට අවනත වීම, පාපකම්වලින් දුරුවීම, පරීක්ෂාවන්ට ලක්වන අවස්ථාවන්හිදී ඉවසීමෙන් කටයුතු කිරීම යනාදිය ගැන අන්යෝන්ය ලෙස උපදෙස් දෙමින් අල්ලාහ් තම ගැත්තන් හට ප්රධානය කර ඇති සිය මහා කාරුණික භාවය ගැන එකිනෙකා දැනුවත් කිරීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න