සූරා 8 · ජුස් 10

Al-Anfal · 8:74

وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

තවද විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් හා සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් වන ඔවුහුමය සැබෑ ලෙසින් දේව විශ්වාසවන්තයින් වන්නෝ. ඔවුනට සමාව ද ගෞරවාන්විත සංග්‍රහය ද ඇත.

තෆ්සීර්

අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ මාර්ගයේ නික්ම ගිය අය ද එසේ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ආ මුහාජිර්වරුන්හට සරණ සලසා ඔවුනට උපකාර කළවුන් ද, වනාහි සැබෑ දේව විශ්වාසයේ ගුණාංග ඇත්තන් බව වර්ණනා කරනු ලැබූවන් ඔවුහුමය. අල්ලාහ්ගෙන් වූ ඔවුන් සතු ප්රතිඵලය වනුයේ ඔවුන්ගේ පාපකම් වලට සමාව හා ඔහු විසින් හිමි වන ගෞරවනීය සංග්රහයයි. එය ස්වර්ගයවේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න