සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:73
وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُنْ فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ
මෙය (එකිනෙකා රැකගැනීම) නුඹලා නොකරන්නේ නම් මහ පොළොවේ අර්බුද හා මහා කලහකම් සිදු වනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කළවුන් වන ඔවුහු ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති.
තෆ්සීර්
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි දේව ප්රතික්ෂේපය ඔවුන් ඒකරාශී කරනු ඇත. ඔවුන් ඇතැමෙකු ඇතැමෙකුට උදව් කරති. එවිට දේව විශ්වාස කරන්නා ඔවුනට මිතුදම් නොපානු ඇත. එහෙයින් නුඹලා දේව විශ්වාසීන් භාර නොගෙන දේව ප්රතික්ෂේපකයින්ට සතුරු නොවූයේ නම්, දහමෙහි තම සහෝදරයින් විසින් ඔවුනට උපකාර කරන කිසිවකු ඔවුන් නොදකින පරිදි එම දේව විශ්වාසීන්හට අර්බුද ඇති වනු ඇත. මහ පොළොවේ කලහකම් පෑම ,අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙන් බරපතළ වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න