සූරා 8 · ජුස් 10

Al-Anfal · 8:72

إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

නියත වශයෙන්ම විශ්වාස කොට (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් ද තවද සරණ ලබා දී (ඔවුනට) උදව් කළවුන් ද ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගේ මිතුරන් වෙති. විශ්වාස කොට නික්ම නොගිය අය ඔවුන් නික්ම යන තුරු ඔවුන් සමඟ කිසිදු ආකාරයේ මිතු දහමක් නුඹලාට නොවනු ඇත. නමුත් දහම විෂයයෙහි ඔවුන් නුඹලාගෙන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති ජනයා වෙත හැර (අන් අයට) උදව් කිරීම නුඹලා වෙත පැවරෙන වගකීමය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නිරීක්ෂා කරන්නාය.

තෆ්සීර්

අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතයාණන් සත්යය බව පිළිගෙන, ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කොට, දේව ප්රතික්ෂේපිත භූමියෙන් ඉස්ලාමයේ භූමිය වෙත හෝ සුරක්ෂිත ව අල්ලාහ් නැමදිය හැකි ස්ථානයක් වෙත නික්ම ගොස්, තම වස්තුව හා තම ජීවිතය පරදුවට තබා අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා අරගල කළවුන් ද, එමෙන්ම තමන්ගේ තරාතිරමට මුහාජිර්වරුන් වන ඔවුන් ව ද පත් කොට, ඔවුනට උපකාර කළවුන් ද (අන්සාරිවරුන්ද) තම නිවැසියන් අතරින් ඔවුනට සහය දුන් අය ද වනාහි, උදව් උපකාර කිරීමෙහි ඔවුන් ඇතැමුන් ඇතැමෙකුගේ හිතමිතුරන් වෙති. තවද අල්ලාහ් ව විශ්වාස කොට දේව ප්රතික්ෂේපිත භූමියෙන් ඉස්ලාම් භූමිය වෙත නික්ම නොගියවුන් වනාහි, අහෝ විශ්වාස කළවුනි! ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන තුරු ඔවුනට නුඹලා උපකාර කිරීමටත් ඔවුන් ආරක්ෂා කිරීමටත් නුඹලාට නොහැකිය. නමුත් දේව ප්රතික්ෂේපකයින් ඔවුනට අපරාධ කොට ඔවුන් නුඹලාගෙන් උපකාරය පැතුවේ නම් ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුනට නුඹලා උදව් කරනු. නමුත් නුඹලා හා ඔවුන්ගේ සතුරන් අතර බිඳිය නොහැකි ගිවිසුමක් තිබුණේ නම් මිස. අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න