සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:71
وَإِنْ يُرِيدُوا خِيَانَتَكَ فَقَدْ خَانُوا اللَّهَ مِنْ قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
ඔවුහු නුඹට ද්රෝහිකම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් මීට පෙර ද සැබැවින්ම ඔවුහු අල්ලාහ්ට ද්රෝහිකම් කළෝය. ඔහු ඔවුන් විශයයෙහි (නුඹට) ඉඩ ලබා දී ඇත. තවද අල්ලාහ් සර්වඥානී සියුම් ඥානය ඇත්තාය.
තෆ්සීර්
අහෝ මුහම්මද්! නුඹට හෙළිපිට කරන ලද ප්රකාශයක් තුළින් නුඹට යම් ද්රෝහිකමක් කරන්නට ඔවුන් අපේක්ෂා කරන්නේ නම්, සැබැවින්ම මීට පෙර ද ඔවුන් අල්ලාහ්ට ද්රෝහි වී ඇති බව දැන ගත යුතුය. ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට ජය ලබා දී ඇත. ඔවුන් අතරින් ඝාතනය විය යුත්තන් ඝාතනය කරනු ලැබීය. සිරගත කරනු ලැබිය යුත්තන් සිරගත කරනු ලැබීය. ඔවුන් නැවත පැමිණියේ නම් මෙයම ඔවුන් බලාපොරොත්තු විය යුතු වේ. අල්ලාහ් තම මැවීම් හා ඔවුනට යහපත් වන දෑ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න