සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:70
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِمَنْ فِي أَيْدِيكُمْ مِنَ الْأَسْرَىٰ إِنْ يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِمَّا أُخِذَ مِنْكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
අහෝ නබිවරය ! ‘නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපතක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ දෑට වඩා යහපත් දෑ නුඹලාට ඔහු පිරිනමනු ඇත. තවද නුඹලාට ඔහු සමා ව දෙනු ඇත’ යැයි සිරුකරුවන් අතුරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ පවසනු. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
තෆ්සීර්
අහෝ නබිවරය! බද්ර් දිනයේ නුඹලා සිරකරුවන් ලෙස ගත්,දෙවියන්ට ආදේශ තැබූ සිරකරුවන් අතරින් නුඹලාගේ අත්අඩංගුවේ පසුවන්නන්හට නුඹ මෙසේ පවසනු. "නුඹලාගේ හදවත් තුළ ඇති යම් යහපත් අරමුණක් හා දැහැමි චේතනාවක් ගැන අල්ලාහ් දන්නේ නම් නුඹලාගෙන් ගනු ලැබූ වන්දියට වඩා යහපත් දෑ ඔහු නුඹලාට පිරිනමනු ඇත. එහෙයින් නුඹලාගෙන් කවර කරුණක් ගනු ලැබුවේ ද ඒ ගැන දුක් නොවනු. ඔහු නුඹලාට සමාව දෙනු ඇත. තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය." අල්ලාහ්ගේ ප්රතිඥාව නබි (සලලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ මහප්පෙකු වූ අබ්බාස් තුමාට හා ඉස්ලාමය වෙත පිය නැගූ වෙනත් අයහට ද තහවුරු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න