සූරා 8 · ජුස් 10
Al-Anfal · 8:75
وَالَّذِينَ آمَنُوا مِنْ بَعْدُ وَهَاجَرُوا وَجَاهَدُوا مَعَكُمْ فَأُولَٰئِكَ مِنْكُمْ ۚ وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
තවද විශ්වාස කොට පසුව (තම වාසස්ථානයෙන්) නික්ම ගොස් නුඹලා සමඟම (අල්ලාහ්ගේ මාර්ගයේ) කැප කළවුන් වන ඔවුහු නුඹලා ගෙන් ය. අල්ලාහ්ගේ නියමය පරිදි ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට ඉතා සමීප ඥාතීන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
තෆ්සීර්
නික්ම ගිය මුහාජිර්වරුන් හා ඔවුනට උපකාර කළ අන්සාර්වරුන් අතරින්, ඉස්ලාමය පිළිගත් මුතුන්මිත්තන්ගේ විශ්වාසයෙන් පසු ව විශ්වාස කොට දෙවියන් ප්රතික්ෂේප කරනු ලැබූ ප්රදේශයෙන් ඉස්ලාමීය ප්රදේශය වෙත නික්ම ගොස් අල්ලාහ්ගේ වදන ඉහළ නංවා ප්රතික්ෂේපකයින්ගේ වදන පහත් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කළවුන් වනාහි, අහෝ විශ්වාස කළවුනි! ඔවුන් නුඹලා අතරිනි. නුඹලා සතු යුතුකම් ඔවුනට ද ඇත. නුඹලා මත වූ අනිවාර්යය කටයුතු ඔවුනට ද ඇත. අල්ලාහ්ගේ නීතිය තුළ වඩාත් සමීප මිතුරන් වනාහි, දේව විශ්වාසය පෙර සිදු වූ හිජ්රත් ගමන වැනි උරුමයන්ට උරුමකම් පාන්නට ඔවුන් එකිනෙකා වඩාත් උචිත වන්්නෝය. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන් හට යහපත් වන්නේ කුමක්දැ? යි ඔහු දනී. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න