සූරා 8 · ජුස් 9

Al-Anfal · 8:5

كَمَا أَخْرَجَكَ رَبُّكَ مِنْ بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ

(නබිවරය) නුඹේ පරමාධිපති නුඹේ නිවසින් සත්‍යය සමඟ නුඹ ව පිට කළාක් මෙන් නියත වශයෙන්ම දේව විශ්වාස වන්තයින් අතුරින් පිරිසක් (නුඹ සමඟ පැමිණීමට) පිළිකුල් කරන්නෝ වෙති.

තෆ්සීර්

යුද බිමේ සතුරා විසින් හැර ගිය වස්තුව පිළිබඳ නුඹලා ගැටලු ඇති කර ගෙන, ඒවා බෙදීම සම්බන්ධ ව ද මතභේද ඇති කර ගත් පසු ව, එහි කොටස නුඹලාගෙන් ඉවත් කොට අල්ලාහ් ඔහු වෙත හා ඔහුගේ දූතයාණන් වෙත පවරාගත්තේය. අහෝ දූතය! එලෙසම දෙවියන්ට ආදේශ තබන්නන් හමු වීම සඳහා මදීනාවෙන් පිටත් ව යෑම පිළිබඳ දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් පිළිකුල් කළ ද ඒ සඳහා පිටත් ව යන මෙන් ඔබේ පරමාධිපති ඔබට නියෝග කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න