සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:4
أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
සැබෑ දේව විශ්වාසවන්තයෝ ඔවුහුමය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට තරාතිරම් ද සමාව ද ගෞරවාන්විත පෝෂණය ද ඇත.
තෆ්සීර්
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ මුඃමින්වරුන් හෙවත් සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ වෙති. එය ඔවුන් දේව විශ්වාසයේ කරුණු හා ඉස්ලාමයේ බාහිර කරුණු යන දෙක එකට සම්බන්ධ කළ බැවිණි. ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ඔවුන්ගේ පරමාධිපති අබියය ඔවුනට උසස් නිලතල ඇත. එමෙන්ම ඔවුන්ගේ පාපකම් වලට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත. ඒවා අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති සැප පහසුකම් වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න