සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:29
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වන්නෙහු නම් ඔහු නුඹලාට (හොද හා නරක දෑ පිළිබඳ ව) පැහැදිලි බව ඇති කරයි. නුඹලාගේ නපුරුකම් නුඹලා ගෙන් ඉවත් කර නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති මහත් වූ භාග්ය සම්පන්නය.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක්වූ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරන්නේ නම් සත්ය හා අසත්ය අතර වෙන් කර ගත හැකි මාර්ගය ඔහු නුඹලාට පාදා දෙනු ඇත. එවිට ඒ දෙක නුඹලාට පැටලවෙන්නේ නැත. නුඹලා සිදු කරමින් සිටි පාපකම් නුඹලාගෙන් ඉවත් කරනු ඇත. නුඹලාගේ පාපකම් වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් ඉමහත් භාග්ය සම්පන්නය. ඔහුගේ ඉමහත් භාග්යයන් අතුරින් එකක් වනුයේ බැතියෙන් යුතු ව කටයුතු කරන ඔහුගේ ගැත්තන්හට සූදානම් කර ඇති ස්වර්ග උයනයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න