සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:28
وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ وَأَنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ
නියත වශයෙන්ම නුඹලාගේ සම්පත් හා නුඹලාගේ දරුවන් (නුඹලාට) පරීක්ෂණයක් වේ යැයි ද නියත වශයෙන්ම අල්ලාහ්, ඔහු අබියස මහත් වූ ප්රතිඵල ඇතැයි ද නුඹලා දැන ගනු.
තෆ්සීර්
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ පරීක්ෂණයකි. විභාගයකි. මතු ලොව වෙනුවෙන් කරන ක්රියාකාරකම් වලින් ඒවා නුඹලා ව වළක්වනු ඇත. ඒවා නුඹලා රවටා දමනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභියස මහත් කුසල් ඇති බව දැන ගනු. නුඹලාගේ දරුවන් හා නුඹලාගේ සම්පත් හේතුවෙන් ඒවාට මුළා වී ඒවා වෙත පමණක් නුඹලාගේ අවධානය යොමු කිරීමෙන් නුඹලාට හිමි වන මෙම කුසල් නුඹලා අහිමි කර නොගනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න