සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:27
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා දැන දැනම නුඹලා අල්ලාහ්ට හා ධර්ම දූතයාණන්ට වංචා නොකරනු. තවද නුඹලාට භාර කරන ලද දෑ වලට ද වංචා නොකරනු.
තෆ්සීර්
අහෝ අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නියෝග පිළිපැදීම අතහැර දමමින් හා තහනම් කළ දැයින් වැළකී නොසිටීමෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් රවටන්නට උත්සාහ නොකරනු. එමෙන්ම ඔබ වෙත පවරන ලද ආගමික හා වෙනත් කටයුතු අතපසු කරමින් ඔවුන් රවටන්නට උත්සාහ නොකරනු. සැබැවින්ම එසේ සිදු කිරීම වංචාවක් බව නුඹලා මැනවින් දන්නෙහුය. එවිට නුඹලා රවටනු ලැබූවන් බවට පත් වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න