සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:26
وَاذْكُرُوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ
නුඹලා පොළොවේ ස්වල්ප දෙනෙකු වශයෙන් දුබලයින් ව සිට ජනයා නුඹලාව පැහැර ගෙන යනු ඇතැයි නුඹලා බියෙන් සිටි අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. එවිට නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිස ඔහු නුඹලා භාරගෙන ඔහුගේ උපකාරය තුළින් නුඹලාව ඔහු ශක්තිමත් කළේය. තවද යහපත් දැයින් නුඹලාට පෝෂණය කළේය.
තෆ්සීර්
අහෝ විශ්වාස කළවුනි! නුඹලා මක්කාවෙහි ස්වල්ප පිරිසක් ලෙස සිටිය දී එහි වැසියන් නුඹලා ව දුර්වලයින් බවට පත් කොට නුඹලා මත බලය යෙදවූහ. නුඹලාගේ සතුරන් නුඹලාට ඉක්මණින්ම අල්ලා ගනු ඇතැයි නුඹලා බිය වූහ. එවිට නුඹලා ආරක්ෂාව පතා යන ස්ථානයක් වෙත අල්ලාහ් නුඹලා ව සේන්දු කළේය. එය මදීනාවයි. යුදමය අවස්ථාවන්හි නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලාට ජය ලබා දෙමින් නුඹලා ව බලවත් බවට පත් කළේය. බද්ර් යුද්ධයත් ඉන් එකකි. පිවිතුරු දැයින් ඔහු නුඹලාට පෝෂණය කළේය. නුඹලාගේ සතුරන්ගෙන් ආරක්ෂා කර ඔවුන් අතහැර දමා ගිය වස්තු සියල්ලම නුඹලාට හිමි විය. අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. එවිට ඔහු නුඹලාට එහි සමෘද්ධිය ඇති කරයි. නුඹලා එයට ගුණමකු නොවනු. එවිට නුඹලාගෙන් එය ඩැහැ ගෙන නුඹලාට දඬුවම් පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න